කොරෝනා රෝගය ආසාධිතව නිවෙස්තුල හෝ රෝහල් ගතව නිරෝධානය වූ අග්‍රහාර හිමිකම් සහිත සාමාජික සාමාජිකාවන්ට ගෙවීම් ලබාගන්න පුළුවන්. මෙහීදී නිරෝධායනය වන දින 10ක් සදහා
රන් රක්ෂණය - දිනකට 3000
රිදී රක්ෂණය - දිනකට 2000
සාමාන්‍ය රක්ෂණය - දිනකට 1000
ලබාගත හැකිය.
මේ සදහා
1. රන් හෝ රිදී හිමිකම් සදහා පසුගිය මාස තුනක පඩි වාර්තා ජායා පිටපත් ( ආයතන ප්‍රධානියා සහතික කල )
2. කොවිඩ් පොසිටිව් බව දැක්වෙන PCR හෝ RAT antigen වාර්තාවේ ජායා පිටපතක් (ආයතන ප්‍රධානියා සහතික කල).
3 .ඊට අදාල වූ PHI වාර්තාව හො නිරෝධායනය අවසානයේ PHI විසින් ලබාදෙන සහතිකයේ ජායා පිටපතක් (ආයතන ප්‍රධානියා සහතික කල )
4. NIC එකේ සහ බැංකු පොතේ ඡායා පිටපත්.
5.සම්පූර්න කරන ලද අග්‍රහාර රක්ෂණ අයදුම්පත.
කලාප අධ්‍යක්ෂකගේ තහවුරුවෙන් දින 90ක් ඇතුලත ඉල්ලීම් කල යුතුයි.
No comments:
Post a Comment