ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම පිළිබඳ තොරතුරු

ශ්‍රී ලංකා ගුරු සේවයට බදවාගනු ලබන සියලුම ගුරුවරුන් 2014.10.23 වන දින  සිට ක්‍රියාත්මක වන   ගුරු සේවා  ව්‍යවස්ථාව අනුව ශ්‍රේණි උසස්වීම් සදහා  කාර්යක්ෂමතා කඩඉම් සමත් විය යුතුයි.

3-1  සිට 2-2 ශ්‍රේණියට උසස්වීම

  • උපාධිධාරී ගුරුවරුන් පත්වීම ලැබූ දින සිට වසර 3 කින් 2-2 ශ්‍රේණියට උසස්විය යුතුය
  • විද්‍යපීඨ පුහුණු ගුරුවරුන් පත්වීම ලැබූ දින සිට වසර 5 කින් 2-2 ශ්‍රේණියට උසස් විය යුතුය
  • ඉහත ගුරුවරුන් පත්වීම ලැබූ දින සිට වසර 3 ක් ඉක්ම යාමට පෙර 1කාර්යක්ෂමතා කඩඉම් සමත් විය යුතුය.
  • මොඩියුල1 සිට 7 දක්වා හැදෑරීම අවශ්‍ය ය .

2-2සිට 2-1ශ්‍රේණියට උසස්වීම

 1) වර්ගය :-

  • විද්‍යපීඨ පුහුණු ගුරුවරුන් 
  • ගුරු පුහුණුව ලැබූ ගුරුවරුන්
  • ඩිප්ලෝමාධාරී ( HND වැනි ) ගුරුවරුන්
  • උපාධිධාරී ගුරුවරුන්

  • ඉහත වර්ග හතරට ම අයත් ගුරුවරුන් වසර 9 කින් 2-1 ශ්‍රේණියට උසස් විය යුතුය.
  • ඉහත  සියඑ ගුරුවරුන්    2-1 ශ්‍රේණිට  උසස්වීම් ලැබූ  දින සිට වසර 4 ක් ඉක්ම යාමට පෙර 2 කාර්යක්ෂමතා කඩඉම සමත් විය යුතුය .
  • මොඩියුල8 සිට 14දක්වා හැදෑරීම අවශ්‍ය ය

 2) වර්ගය :

  • උපාධිය ලැබු  පුහුණු ගුරුවරුන් (විද්‍යා පීඨ හා  ගුරු පුහුණු )
  • උපාධිය  සමග පශ්චාත්  උපාධි අධ්‍යාපන  ඩිප්ලෝමා සමත්  ගුරුවරුන්
  • අධ්‍යාපනවේදී  උපාධි ගුරුවරුන් 

  • ඉහත ගුරුවරුන්   වසර 7 කින් 2-1 ශ්‍රේණියට උසස් විය යුතුය .
  • ඉහත  සියඑ ගුරුවරුන්    2-1 ශ්‍රේණිට  උසස්වීම් ලැබූ  දින සිට වසර 4 ක් ඉක්ම යාමට පෙර 2 කාර්යක්ෂමතා කඩඉම සමත් විය යුතුය .
  • මොඩියුල 8 සිට 14දක්වා හැදෑරීම අවශ්‍ය ය

  3) වර්ගය :

  • ප්‍රතම උපාධිය  සමග පශ්චාත්  උපාධි අධ්‍යාපන  ඩිප්ලෝමා සමත්  ගුරුවරුන්
  • පශ්චාත්   උපාධිය   සමග ගුරු  පුහුණුව ලැබූ ගුරුවරුන් 
  • ( ඉහත  සුදුසකම් මත සෘජුව බදවා ගත්  )

  •  ගුරුවරුන්   වසර 5 කින් 2-1 ශ්‍රේණියට උසස් විය යුතුය
  • ඉහත  සියඑ ගුරුවරුන්    2-1 ශ්‍රේණිට  උසස්වීම් ලැබූ  දින සිට වසර 4 ක් ඉක්ම යාමට පෙර 2 කාර්යක්ෂමතා කඩඉම සමත් විය යුතුය .
  • මොඩියුල 8 සිට 14දක්වා හැදෑරීම අවශ්‍ය ය.

2-1 සිට    1ශ්‍රේණියට උසස්වීම

  • ඕනෑම වර්ගයක ගුරුවරුන් 2-1 ශ්‍රේණියේ සිට වසර 6 ක සේවා කාලය සම්පූර්ණ කළ පසු 1 ශ්‍රේණියට උසස් විය යුතුය.
  • එම ගුරුවරුන් තුන්වන iii කාර්යක්ෂමතා කඩඉම 2- 1 ශ්‍රේණියට පත් වී වසර 4 ඉක්ම යාමට පෙර සම්පූර්ණ කළ යුතුය
  • මොඩියුල අංක 15 සිට 20 දක්වා මොඩියුල  6  හැදෑරීම අවශ්‍ය ය


මොඩියුල හැදෑරීම සඳහා ඔබ කුමක් කළ යුතු ද?

=====================================

* ශ්‍රී ලංකාව පුරා විසිරි ඇති ගුරු මධ්‍යස්ථාන හරහා මෙම කාර්යක්ෂමතාවයට අදාල මොඩියුල ක්‍රියාත්මක කෙරේ.

* සෑම  මොඩියුලයක්ම දින තුනක් සහ සැසි පහක් වශයෙන් පැවැත්වෙයි .

*එක් එක් මොඩියුලය අවසානයේ ඇගයීමක් සිදුකරයි

* එක් එක් මොඩියුලය සදහා    සහතික පත්‍රයක් බැගින් හිමිවේ .

* එම සහතික පත්‍ර 7 ම එක් කරගත් පසු කාර්යක්ෂමතා කඩඉම සමත් බවට ඔබට එක් සහතික පත්‍රයක්  අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දෙනු ලැබේ.

*එම සහතික පත්‍ර ගුරු මධ්‍යස්ථානවලට ලැබුණු පසුව ඔබට ලබා දෙනු ඇත

*කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීම සඳහා ඔබගේ කලාපයට අයත් ගුරු මධ්‍යස්ථානයට ඔබගේ තොරතුරු ලබා දී එහි ලියාපදිංචි වන්න.

*ඉන්  පසු  ගුරු මධ්‍යස්ථානයේ  කැඳවීම් මත කාර්යක්ෂමතා කඩඉම් මොඩියුල සඳහා සහභාගි විය හැක.

*කාර්යක්ෂමතා කඩඉම් මොඩියුල සඳහා ඔබ ලියාපදිංචි විය යුත්තේ ඔබේ කලාපයට අයත් ගුරු මධ්‍යස්ථානයේ බව කාරුණිකව සලකන්න .

*කලාප කාර්යාලවල මෙම ලියා පදිංචි කිරීම්හා පුහුණු කටයුතු සිදු නොකෙරෙනු ඇත.

* ගුරු මධ්‍යස්ථානයේ  ලියාපදිංචි වී නැත්නම් මොඩියුල   සඳහා ඔබට කැඳවීමක්  නොකෙරෙනු ඇත .

*කලාප කාර්යාලය මගින් කැද වන තෙක් බලා නොසිට ගුරු මධ්‍යස්ථානයකට යන්න.කලාප කාර්යාල මේ සඳහා ඔබ කැඳවන්නේ නැත.

* මේ දිනවල ඔන්ලයින් ලෙස කාර්යක්ෂමතා කඩඉම් මොඩියුල පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

නමුත්  

*රටේ පවත්නා අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත දැනට ලබා දී තිබෙන  අන්තර් කාලීන විධිවිධාන වලට අනුව අවශ්‍ය ගුරුවරුන් තේරීම මේ දිනවල සිදුවන නිසාවෙන් ප්‍රමාදයක් ඇති බව සලකන්න .

* 2021. 10. 22 වන දින දක්වා ගුරු සේවයේ උසස්වීම් ලැබීමට නියමිත ගුරුවරුන්ට කාර්යක්ෂමතා කඩඉම සමත් වීම අවශ්‍ය නොවනු ඇත.

නමුත් ,

* 2021.10.23 න් පසු ශ්‍රේණි උසස්වීම් ලැබීමට නියමිත ගුරුවරුන්ට කාර්යක්ෂමතා කඩඉම සමත් වීමට සිදුවනු ඇත.

*එබැවින් ඔබගේ ගුරු මධ්‍යස්ථානයට ඔබේ  තොරතුරු නොපමාව ලබාදෙන්න .

*මොඩියුල හැදෑරීම සඳහා නියමිත කාලය සම්පූර්ණ වීමට පෙර  ඔබට අදාළ ගුරු මධ්‍යස්ථානයෙන් කැඳවීමක් ලැබෙනු ඇත.


ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම ට අදාල මේ ප්‍රශ්ණ ඔබටත් තියෙනවද ?

====================================

1.)     PGDE සමත් නම් මොඩියුල කරන්න ඕනෙද?

        පිළිතුර  :  ඔව්


2. )     MA හෝ MPhil  තියෙනවා නම් මොඩියුල කරන්න ඕනෙද 

            පිළිතුර : ඔව්


3. විද්‍යාපීඨ පුහුණුව ලැබූ උපාධිය සමත් ගුරුවරු මොඩියුල කරන්න ඕනෙද?

             පිළිතුර: ඔව්


 4.මොඩියුල පුහුණුවට කලාප කාර්යාලයෙන් කැඳවනවා ද?

               පිළිතුර : නැත 

5.මොඩියුල කරන්න පුළුවන් ගුරු මධ්‍යස්ථාන වලින් විතරද ?

               පිළිතුර : ඔව් 

       

    ගුරු මධ්‍යස්ථාන (ගුරු වෘත්තිය වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන)  හැර වෙනත් කිසිම ආයතනයක් හෝ පුද්ගලයකුට මොඩියුල වෙනුවෙන් පුහුණුව පැවැත්වීම හෝ සහතික ලබාදීම කළ නොහැක .

ඒ සඳහා නිත්‍යානුකූල අයිතිය ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයට සහ ගුරු මධ්‍යස්ථාන වලට පමණි.


6.) මොඩියුල අවශ්‍ය අවශ්‍ය නොවන්නේ කාටද?


පහත දිනවලට ශ්‍රේණි උසස්වීම් ලැබූ ගුරුවරුන්ට අවශ්‍ය නොවේ

 

* 2021.10 .22  දින වන විට ගුරු සේවයේ  1 ශ්‍රේණියට උසස් වී ඇති ගුරුවරුන් .


* 2021.10 .22 දිනට 2- 1 ශ්‍රේණියට උසස්  වී වසර 4 ක් සපුරා ඇති ගුරුවරුන්

( 2017. 10.22 වන දිනට 2- 1 ශ්‍රේණියට උසස් වී ඇති ගුරුවරුන්).


7. )    එසේනම් මොඩියුල පුහුණුව ලැබිය යුතු වන්නේ කාටද?


  *  2018 .10 .23 වන දින හෝ එදිනට පසු 3- 1 ශ්‍රේණියට පත් වූ ගුරුවරුන්,


   * 2017 .10 .23 දින හෝ එදිනට පසු දෙකේ 2- ii ශ්‍රේණියට උසස් වූ ගුරුවරුන්,


     * 2017 .10 . 23 දින හෝ එදිනට පසු 2- 1   ශ්‍රේණියට උසස් වූ ගුරුවරු,


  මේ වර්ග තුනටම අයත් ගුරුවරුන් ඔවුන්ට නියමිත කාල සීමාවේදී මොඩියුල පුහුණු අවසන් කර ගත යුතු වෙයි.


8. ) මොඩියුල පුහුණුව අවසන් කළ යුතු කාල සීමාව සොයාගන්නේ කොහොමද?


                ඔබ 3-1 ගුරුවරයෙක් නම්,

                ----------------------------

* ඔබගේ පත්වීම් දිනයට දිනට වසර තුනක් එකතු කර බලන්න .


උදාහරණ 

      2018 .10. 23. දින පත්වීම් ලැබුවේ නම් එයට වසර 3ක් එකතු කරන්න. ඒ අනුව 

 2021.10 .23 වන දින විට ඔබ මොඩියුල හතක් හදාරා අවසන් කළ යුතුයි.


      ඔබ 2 -2 හෝ 2-1 ශ්‍රේණියටඋසස් වූ ගුරුවරයෙකු නම්,

------------------------------------------


   * වර්තමාන ශ්‍රේණියට උසස් වූ දිනට වසර හතරක් එකතු කර බලන්න.


      උදාහරණ 

           2017.10.23 ශ්‍රේණියට උසස් වූයේ නම් එයට වසර 4  එකතු කරන්න .ඒ අනුව,

2021.10.23. දින වන විට ඔබට නියමිත මොඩියුල හදාරා නිම කළ යුතුයි .


9. )  නියමිත කාලය තුළ මොඩියුල සම්පූර්ණ කිරීමට කුමක් කල යුතුද?


  * ඔබට නියමිත ගුරු මධ්‍යස්ථානයේ  ඔබේ තොරතුරු යාවත්කාලීන කරන්න .


 * ඔබ 3-1 ගුරුවරයෙක් නම් නිවැරදිව ඔබේ මුල් පත්වීම් දින හා ඊට අදාළ තොරතුරු.


  * ඔබ 2-2 හෝ 2- 1 ශ්‍රේණියට උසස් වූ ගුරුවරයෙක් නම්,


* ඔබ උසස් වීම ලැබූ දිනය හා ඔබගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු තොරතුරු ගුරු මධ්‍යස්ථාන වලට ලබා දෙන්න.


* ඔවුන්ගෙන් ඔබට කැඳවීමක් ලැබෙන තෙක් විමසිලිමත් වන්න .පමා වේ නම් ඒ පිළිබඳ ගුරු මධ්‍යස්ථාන වලින් විමසන්න.


* නියමිත කාලය ඉක්ම යාමට පෙර මොඩියුල සම්පූර්ණ කර ගැනීමට  නොහැකි වුවහොත් එහි වගකීම ඔබ දරාගත යුතුයි.


* කලාප කාර්යාලය හෝ ගුරු මධ්‍යස්ථානය එහි වගකීම භාර ගන්නේ නැත .තමාගේ  කාර්යක්ෂමතා කඩඉම පිළිබඳ දැනුවත් වී අදාළ පුහුණුවට සහභාගී වීමට ඔබ උනන්දු විය යුතුයි.කවුරුන් හෝ කැඳවා වී යැයි බලා නොසිටින්න .


* ඔබේ ශ්‍රේණි උසස්වීම් තොරතුරු ගුරු මධ්‍යස්ථාන වලට ලැබෙන්නේ නැත එබැවින් ඔබ එය ලබා දිය යුතුයි.


 * කාර්යක්ෂමතා  කඩඉම්  පුහුණුව පැවැත්වීම හා අදාළ සහතික ලබා ලබාදීම  පමණක් ගුරු මධ්‍යස්ථාන වලින් ඉටු කරයි.


 එබැවින්  ඔබ ඔබගේ කාර්යක්ෂමතා පුහුණුව පිළිබඳ ගුරු මධ්‍යස්ථානයෙන් විමසා තොරතුරු දැනගන්න.


10. ) කාර්යක්ෂමතා කඩඉම් මොඩියුල සම්පූර්ණ කළ පසු    අදාළ ශ්‍රේණි උසස්වීම් ලබා ගන්නේ කෙසේද ?


    ඔබගේ විදුහල්පති මගින් කලාප අධ්‍යාපන  කාර්යාලයට ඔබගේ සහතික සමග උසස්වීම් අයදුම්පත භාර දෙන්න.


(ඔබ දැනගත් මේ තොරතුරු  තවත්  ගුරුවරුන්ට දැනුවත් වීම සඳහා ගුරුවරුන් අතර  මෙය බෙදාහරින්න  (SHARE)

 ගුරුවරුන් මෙය දැන ගත යුතුමයි. ඔබ දන්නා දේ අනෙක් අයට කියා දෙන්න)

(  උපුටා ගැනීමකි.

බෝලවලාන ගුරු මධ්‍යස්ථානයේ

කළමනාකාරු/කථිකාචාර්ය

 චිත්‍රානි ප්‍රියංගනී ද සිල්වා )



No comments:

Post a Comment

School Planning

  Five year & Annual Planning for School Needed Guidebooks Procurement,   54/2023 Circular - Sinhala/ Tamil/ English 19/2019 Circular - ...